Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»25 වන යුද්ධ හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ පත් කරයි
Sri Lankan news

25 වන යුද්ධ හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ පත් කරයි

kumudikaBy kumudikaJanuary 1, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො ආර්එස්පී පීඑස්සී අයිජී, ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකාවේ 25 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස පත් කරනු ලැබීය.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී 30 වනදා භාර දුන්නේය.

ඒ අනුව ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො ආර්එස්පී පීඑස්සී අයිජී යුද්ධ හමුදාධිපති ලෙස, යුද්ධ හමුදා මූලස්ථානයේ දී ඊයෙ (31) දින සර්ව ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබුවේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක – 31 යටතේ, යුද්ධ හමුදා නිත්‍ය බලකායට බැඳී එතුමන් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරුණි.

කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන එතුමන් පාසැල් වියේ දී අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම් දෙකෙහිම දස්කම් දැක්වූ ඔහු ජවසම්පන්න ක්‍රීඩකයෙකු වූ අතර අඛණ්ඩව වසර තුනක් විද්‍යාලයීය ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කර තිබේ.

ඔහු පාසැලේ ක්‍රිකට්, පැසිපන්දු සහ රග්බි නායකත්වය දැරූ අතර පාසල් මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

වසර 36 ක කීර්තිමත් හමුදා දිවිය තුළ දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇති එතුමන් අණ හා මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ගණනාවක් හොබවා තිබේ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය කෙරේ
Next Article ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශගත වූ වසර ලෙස 2024  ඉතිහාස ගත වෙයි
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.