Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»“වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස මහ බැංකු අධිපති තේරී පත්වෙයි
Sri Lankan news

“වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස මහ බැංකු අධිපති තේරී පත්වෙයි

kumudikaBy kumudikaJanuary 2, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “L.M.D” සඟරාව 2024 වසර සඳහා ” වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම්කර ඇත.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරමින් “LMD” සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු අධිපතිවරයාගේ නායකත්වයෙන් සිදුවූ බවයි.

ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යථාර්තවාදී වූ බවත් මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි යැයි ඔහු පිළිගත් බවත් “L.M.D” සඟරාව පැවැසුවේය.

වීරසිංහ මහතා මෙරට ආර්ථික අර්බුදයේ සැබෑ ස්වරූපය ජනතාවට පහදා දුන් බවත් දුෂ්කරතා එම වසරේ දෙසැම්බර් මාසය තෙක් පවතිනු ඇතැයි ඔහු අවංකව අනාවැකි පළකළ බවත් “L.M.D” සඟරාව ප්‍රකාශ කළේය. වීරසිංහ මහතා 2022 වසරේ අප්‍රේල් මස මහ බැංකු අධිපති ධුරයට පත්වන අවස්ථාවේ මෙරට උද්ධමනය සියයට 29.8 ක් වූ බවත් පසුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සියයට 61 දක්වා ඉහළ ගිය බවත් “L.M.D” සඟරාව පැවැසුවේය.

අනතුරුව 2023 වසරේදී නැවතත් පැසසුමට ලක්කළ යුතු ආකාරයෙන් ක්‍රමිකව මෙරට උද්ධමනය තනි ඉලක්කමක් කරා පැමිණි බවද “L.M.D” සඟරාව ප්‍රකාශ කළේය. ආචාර්ය වීරසිංහ මහතා ගත් දැඩි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් මෙලෙස උද්ධමනය පහළ ගිය බවද සඟරාව පෙන්වා දුන්නේය.

මෙම සඟරාව 1995 වසරේ සිට “වසරේ ශ්‍රී ලාංකිකයා” සම්මානය ලබාදෙන අතර එය මේ වනවිට වසරේ විශිෂ්ඨතම සම්මාන අතරින් එකක් බවට පත්ව ඇත. මෙවර 30 වැනි වතාවට “වසරේ ශ්‍රී ලාංකිකයා” සම්මානය  “LMD” සඟරාව විසින් ලබා දුන්නේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරජයේ ගෙවීම් සඳහා ඩිජිටල් ක්‍රමයක් හඳුන්වා දෙයි
Next Article ගත වූ දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් වාර්තාගත ලෙස ඉහලට
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.