ලබන මැයි මාසයේ දකුණු කොරියාවේ ගූමි නගරයේ පවත්වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ වෛද්‍ය සේවාවල ජාත්‍යන්තර නියෝජිතයා ලෙස ශ්‍රී ලාංකික ක්‍රිඩා වෛද්‍ය ධම්මික සේනානායක මහතා පත්කොට ඇත. ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් සිදුකළ එම පත්වීම ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලද පළමු අවස්ථාව වේ.
වෛද්‍ය සේනානායක මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වෛද්‍යවරයා වශයෙන් වසර පහළොවකටත් වඩා වැඩි කලක් සේවය කර ඇති අතර ආසියානු කලාපයේ මලල ක්‍රීඩාවේ සිටින ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකි. දැනටමත් ඔහු ආසියානු මලල ක්‍රීඩා සංගමයේ වෛද්‍ය කමිටු විධායක සභාවේ සාමාජිකයෙක් වන අතර, දැනට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සේවය කරනු ලබන අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.