2024 තුන්වැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙයි. ද්විපාර්ශ්වික ණය දෙන්නන් වෙතින් ණය ගැනීම් නවතා දමා ඇති සහ බහුපාර්ශ්වික ණය දෙන්නන් වෙත ණය ආපසු ගෙවීම් දිගටම කරගෙන යන අතරතුර මෙබඳු අතිරික්තයක් පවත්වා ගැනීමට සමත් වී තිබේ.

තුන්වැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ජංගම ගිණුමේ ඩොලර් මිලියන 303ක අතිරික්තයක් වාර්තා කළ අතර එය දෙවැනි කාර්තුවේ ඩොලර් මිලියන 432ක්ව පැවති තත්ත්වය යම්පමණකට අඩුවීමකි.

දේශීය ආයෝජන සඳහා විදේශ ණය ලබා ගන්නේ නම් රටක ජංගම ගිණුමේ හිඟයක් ඇති කරයි. 2022 තුන්වැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවට ශුද්ධ පදනම මත ණය ආපසු ගෙවීමේ හැකියාව ලැබුණේ පොලී අනුපාත ඉහළ දැමීමෙන් සහ දේශීය ණය අඩු කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාව ණය ලබාගත්තේ බහුපාර්ශ්වික ණය දෙන්නන්ගෙන් පමණක් වන අතර, ඔවුන්ට ද පැහැර හැරීමකින් තොරව ණය ආපසු ගෙවීමට සිදු විය.

Share.

Comments are closed.

Exit mobile version