Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනපති අද රාත්‍රියේ චීන නිල සංචාරයට පිටත් වෙයි
Sri Lankan news

ජනපති අද රාත්‍රියේ චීන නිල සංචාරයට පිටත් වෙයි

kumudikaBy kumudikaJanuary 13, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වේ. මෙම සංචාරයේදී  ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping) මහතා, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක්  හමුවීමට නියමිතය.

එසේම, මෙම චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද සැලසුම් කර තිබේ.

මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යොදා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වීම ද විශේෂත්වයකි.

එබැවින් මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, එමඟින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ද  බලාපොරොත්තු වේ.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි සහ සාජා වෙත වැසි සහිත කාලගුණයක්
Next Article ඇමරිකන් ලැව් ගින්න නිවන්න කැනඩාවේ හා මෙක්සිකෝවේ සහය
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.