Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මහ බැංකුව කාර්ය සාධක බළකායේ කාර්යයන් පුළුල් කරයි
Sri Lankan news

මහ බැංකුව කාර්ය සාධක බළකායේ කාර්යයන් පුළුල් කරයි

kumudikaBy kumudikaJanuary 15, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බදු ගෙවීම් පැහැර හැරීම, බදු සම්බන්ධ අපරාධ සහ සැක සහිත ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම්දී ඒ පිළිබඳව වහාම සොයා බැලීමට හැකිවන පරිදි මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්ත්‍රවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බළකායේ කාර්ය භාරය තවදුරටත් පුළුල් කිරීමට තීරණය කොට තිබේ. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව ඇතුළු බදු සම්බන්ධ ආයතනවලට වඩාත් කඩිනමින් මෙම තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකය වෙත ලබාදීමට හැකිවන පරිදි නීතිමය අවකාශය ලබාදීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ජාතික මට්ටමේ තොරතුරු ලබා ගැනීමට හැකි පරිදි රාජ්‍ය ආයතන ගණනාවක් සමඟ ගිවිසුම්වලට එළඹ ඇත.

ඒ අනුව එම ආයතනවල සිදුවන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්ත්‍රවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සැක කෙරෙන ගනුදෙනු සහ ක්‍රියාකාරකම් පිළිබඳව වැඩිදුර සොයා බැලීමට මූල්‍ය බුද්ධි ඒකකයට ඉඩකඩ ලැබී ඇත. වසර 2024/2015, වසර 2021/2022 කාල පරිච්ඡේද වල මෙලෙස අනෝන්‍ය වශයෙන් තොරතුරු ලබා ගැනීමට ජාතික මට්ටමේ ඇගයීම්, නිර්ණායක කිහිපයක් ක්‍රියාත්මක කළ බවත් ඒවායේ පවතින අඩුපාඩු සහ දුර්වලතා පදනම් කර ගනිමින් වසර 2024 දෙසැම්බර් මස ප්‍රතිස්ථාපනය කරන ලද ඉහළ මට්ටමේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්ත්‍රවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බළකාය වසර 2027 ජූලි මාසය දක්වා ක්‍රියාත්මක කරන බවද අධිපතිවරයා පැහැදිලි කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙමින් මෙම ක්‍රියාමාර්ග දැඩි කොට රටේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට සහ ජාත්‍යන්තර සහයෝගිතාවය ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන්නැයි නිතරම කාර්ය සාධක බළකායට උපදෙස් ලබාදෙයි.

ඉදිරියේදී ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව රටේ මේ හා සම්බන්ධ නීති රාමුව ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන නීති පනත් තුනක් සඳහා සංශෝධන කෙටුම්පත් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බවද අධිපතිවරයා සඳහන් කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්ත්‍රවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සම්බන්ධ රාමු ශක්තිමත් කිරීම තුළින් මූල්‍ය පද්ධතියේ විශ්වාසනීයත්වය වැඩිදියුණුවීම, විදේශ ආයෝජන වැඩිවීම, ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ වෙත ප්‍රවේශය වැඩි කිරීම සහ යහපාලන පිළිවෙත් ප්‍රවර්ධනයට මනා සහයක් ලැබීම වැනි ආර්ථික සමාජයීය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිලාභ රැසක් රටට ලැබෙන බවද අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබියේ සුරතල් සතුන් ඉදිරියේදී ලියාපදිංචිය අනිවාර්ය කෙරේ
Next Article පසළොස්වක පෝයට සීගිරියේ රාත්‍රි චාරිකා ඇරඹෙයි
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.