Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»එමීර් රාජ්‍ය තානාපති සහ ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් අතර හමුවක්
sri Lankan special

එමීර් රාජ්‍ය තානාපති සහ ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් අතර හමුවක්

kumudikaBy kumudikaJanuary 16, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති ඛලීඩ් නසර් අල්අමේරි (Khaled Nasser AlAmeri) මහතා අතර හමුවක් අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අඛණ්ඩ සහාය ලබා දෙන බව තානාපතිවරයා මෙහිදී පැවසීය.

නව දේශපාලන ප්‍රවාහය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා යහපත් අවස්ථාවක් උදා වී තිබෙන බව පෙන්වා දුන් ඛලීඩ් නසර් අල්අමේරි මහතා පසුගිය කාලය තුළ ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ දක්නට නොතිබු බවද සඳහන් කළේය.

දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ පනස්දහසක් පමණ රැකියාවල නිරතව සිටින බවත්, ඉදිරියේදී එම රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට නව රැකියා අවස්ථා උදා කර දීමට අපේක්ෂා කරන බවත් ඛලීඩ් නසර් අල්අමේරි මහතා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානමින් සිටින බවත් ඉදිරියේදී ඒ පිළිබඳ නව ගිවිසුම්වලට එළැඹීමට අපේක්ෂා කරන බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයන් සහ ආයෝජකයන් සමඟ හමුවකට මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළ ඛලීඩ් නසර් අල්අමේරි මහතා දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එය මනා පිටිවහලක් වනු ඇති බව පෙන්වා දුන්නේය.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA එමිරේට්ස් හරහා සමුද්‍ර ප්‍රවාහන ස්ථාන අටක් වැඩිදියුණු කරයි
Next Article හම්බන්තොටට නව තෙල් පිරිපහදුවක් – ආයෝජනය ඩොලර් බිලියන 3.7 ක්
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.