මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය මඟින් මිලදී ගැනීම සඳහා වී ගබඩා පිරිසිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ අනුව මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. මේ අතර වී මණ්ඩලය සතුව ඇති ගබඩා 209ක් සූදානම් කිරීමටද රජය කටයුතු කර ඇත.
එම වී ගබඩා සහ අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම යුද හමුදාවේ මැදිහත්වීමෙන් සිදු කර තිබෙන බව වාර්තා වේ. සියලු ආරක්ෂක සේනා මූලස්ථාන විසින් දීප ව්‍යාප්තව ජනවාරි 18 සිට 27 දක්වා වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද සැලසුම් කර තිබේ.