අමෙරිකාව තුළ ක්‍රියා විරහිත කළ ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය යෙදවුමක් වන TikTok යෙදවුම යළි එරට තුළ සක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව යළි අමෙරිකාවේ සක්‍රීය වන TikTok ගිණුම් සංඛ්‍යාව මිලියන 170 කි. අමෙරිකා එක්සත් ජනපදයේ TikTok තහනම ඊයේ (19) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

එම තහනම ක්‍රියාත්මක වීමට පෙර, ඊයේ (19) දිනයේ Apple සහ Google යෙදවුම්වලින් TikTok ස්වයංක්‍රියව ඉවත් කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව පරිශීලකයින්ට TikTok යෙදවුමට පිවිසීමට උත්සහ කිරීමේදී ඊට ‘ප්‍රවේශ විය නොහැකි බවට’ ඊයේ දිනයේ කෙටි පණිවුඩයක් පෙන්නුම් කර තිබේ.
මෙම තහනම බලාත්මක කරන්නේ කෙසේද යන්න අවිනිශ්චිතව පවතින පසුබිමක ධවල මන්දිරය ප්‍රකාශ කළේ එය බලාත්මක කිරීම ට්‍රම්ප් පරිපාලනයට භාර දෙන බවය.

තමා බලයට පත් වීමෙන් අනතුරුව TikTok තහනමට දින 90ක් දක්වා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව, පසුගියදා NBC පුවත් සේවය සමග දුරකථන සංවාදයකට එක් වෙමින් නව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔහු ධූරයේ වැඩභාරගන්නා අද (20)  දිනයේ අමෙරිකාව තුළ මෙලෙස TikTok යෙදවුම යළි සක්‍රීය කිරීමට අදාළ සමාගම පියවර ගෙන තිබේ. අමෙරිකාවට බලපාන ජාතික ආරක්ෂක හේතූන් මත TikTok යෙදවුම එරට තුළ තහනම් කිරීමට තීරණය කෙරුණු අතර අවසානයේදී එය තහනම් කිරීමට අධිකරණ නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.

Share.

Comments are closed.

Exit mobile version