වසර 1948 සිට සිය සංවිධානයේ සාමාජිකත්වය දරන අමෙරිකාව ඉන් ඉවත්වීමට ගනු ලැබූ තීරණය පිළිබඳ කනගාටුවට පත්වන බවත්, එම තීරණය සම්බන්ධව යළි සලකා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ නිවේදනය නිකුත් කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට පසුගියදා අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අමෙරිකානුවන් ඇතුළු ලෝක ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන තම සංවිධානය ශක්තිමත් ගෝලීය සෞඛ්‍ය පද්ධතියක් වෙනුවෙන් කැපවී සිටින බවත්, හදිසි සෞඛ්‍ය අවශ්‍යතා හඳුනා ගැනීමට සහ වැළැක්විමට උපරිම පියවර ගනිමින් සිටින බවත් එම නිවේදනයේ සඳහන් වේ.