ශ්‍රී ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන් අනුමැතිය ලබා දීමේදී පවතින ප්‍රමාදය අවම කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ සාමාන්‍යයෙන් ආයෝජනයක් කැඳවීමට ආයතන 82 කින් අවසර ගත යුතු බවයි.
එම වාර්තාව අනුව මෙම ආයතනවලින් අවසර ලබා ගැනීමට වසර දෙක හමාරකට වැඩි කාලයක් ගත වන බව ජනාධිපති අනුර දිසානායක මහතා කියා සිටියේය.
පරිසර ක්ෂේත්රය සඳහා අවසර ලබා ගැනීමට ආයතන 11ක් පවතින අතර ඒ සඳහා ගත වන කාලය දින 269 කි. ඒ අනුව වසර දෙකකට වැඩි කාලයක් ගත වන එම ක්‍රියාදාමය දින 82කට අඩු කිරීමට රජය සැලසුම් කර ඇත.
ආයෝජන ව්‍යාපෘතියක් සඳහා අනෙකුත් අවසර පත්‍ර ආයතන 8කින් ලබාගත යුතුයි. ඒ සඳහා දැනට ප්‍රායෝගිකව සති 184 ක් ගතවන අතර එය දින 102 ක කාලයකට අඩු කිරීමට සැලසුම් කර ඇත.
ව්‍යාපෘතියක් ඇගයීමට භාජනය කර තීරණයක් ලබා දීමට ආයෝජන මණ්ඩලයට දින 80කට ආසන්න කාලයක් ගත වේ. එය සති දෙකක් වැනි කාලයකට අඩු කර ගැනීමට රජයේ අපේක්ෂාව වී ඇත.
ඒ සම්බන්ධයෙන් ආයෝජන සම්බන්ධ ආයතනවල අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් සමඟ ඉකුත් දා දීර්ඝ සාකච්ඡාවක් ද සිදු කර තිබේ.