ඉතිහාසයේ ඉහළම සංචාරකයන් පිරිසක් පැමිණි ජනවාරිය බවට මේ ජනවාරිය පත් වීමට නියමිත බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
දැනට පවතින දත්ත අනුව, ජනවාරි 31 වන විට දෙලක්ෂ පනස් ත-ුන් දහස ඉක්ම වූ සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතය.
මීට පෙර වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි ජනවාරි මාසය උදා වී ඇත්තේ 2018 වසරේ දී ය.
2018 වසරේ ජනවාරි මාසයේ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව දෙලක්ෂ තිස් අට දහස් නවසිය විසි හතරකි.
ජනවාරි මාසයේ දී ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර දෙවනුවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනය ඊට පසු පසින් සිටිති.