ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලබා දෙන විශාලතම ණය මුදල ලෝක බැංකුවෙන් මෙම වසරේදී ලබා දෙනු ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පැවසීය.
එම ණය මුදල ලබාදීමට දැනටමත් ඔවුන් එකඟතාවය පළකර ඇති බවද ඒ මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවත් සමගම මේ වන විට විශාල සාකච්ඡාවක සිටින බවද ඒ මහතා පැවසුවේය. කසල ප‍්‍රවාහන රථ 28ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

කුරුණෑගල දී පැවැති ජාතික ජන බලවේග සුහද හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Share.

Comments are closed.

Exit mobile version