Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නෑ
Sri Lankan news

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නෑ

kumudikaBy kumudikaFebruary 6, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා නොදෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදෙන බවත් එය මැතිවරණවලදී ප්‍රකාශ කළ අතර ප්‍රතිපත්ති ප්‍රකාශනයට ද ඇතුළත් කර තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය. එහෙත් මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යෑමට ආණ්ඩුවෙන් වාහනයක් දීමට සැලසුම් කර තිබෙන බව පැවැසූ ඇමැතිවරයා මන්ත්‍රී ධුරය අවුරුදු 5න් අවසන් වූ පසු ඒ වාහනය ආපහු භාර දිය යුතු බවත් කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

“අති සුඛෝපභෝගී නොවන වාහනයක් ලබාදීමට දැන් වාහන සංචිතයක් හදාගන්න වෙලාවක් නෑ. හැබැයි රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. අපේ ප්‍රමුඛතාව මන්ත්‍රී වාහන නොවෙයි. අවුරුදු 5කට පස්සේ තමයි අපේ ආණ්ඩුව තීරණයක් අරගෙන තිබෙන්නේ වාහන ආනයනයට යම් අවසරයක් දෙන්න. දැන් ආර්ථිකය අපි ප්‍රතිසංස්කරණය කර ගනිමින් යනවා.

එයට සාපේක්ෂව වාහන ආනයනයට අපි යම් අනුමැතියක් දී තිබෙනවා. මෙයින් අපේ විදෙස් සංචිතවලට එන බලපෑම පිළිබඳව සුපරික්ෂාකාරීත්වයකින් තමයි වාහන ආනයනය කරන්නේ. ආරම්භයේදී සම්පූර්ණයෙන් විවෘත කරන්න බැහැ. ඒකට අදාළ ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් විවාදයකුත් පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. අපේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ට වැඩ කටයුතු කරගෙන යන්න පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හරහා වාහනයක් දෙනවා. ඒ වාහන තිබෙන්නේ සංචිතයක. ඒ මන්ත්‍රීවරුන්ට වැඩ කරගන්න වාහනයක් දුන්නාට පස්සේ මන්ත්‍රී ධුරය අවුරුදු 5කින් අවසන් වුණාට පස්සේ වාහනය ආණ්ඩුවට භාර දී යන්න පුළුවන්. එම නිසා වාහන සංචිතයක් අවශ්‍යයි.”

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනපති ලබන සතියේ එමීර් රාජ්‍යයේ නිල සංචාරයක
Next Article Desert Groove Festival මේ සති අන්තයේ රාස් අල් කයිමා හිදී ඇරඹෙයි
kumudika

Related Posts

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.