විදේශ තානාපති කාර්යාල හරහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල පිටපත් ලබා ගැනීමට (Electronic Birth, Marriage, and Death Certificates) විදේශගත ශ්‍රී ලාංකිකයන්ට EBMD පහසුකම ඔස්සේ අවස්ථාව හිමිවේ.

ඒ අනුව රජය විසින් අද(07) ආරම්භ කරනු ලබන මෙම සේවාව ලොව පුරා ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ලබා ගත හැකිය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.කේ. පද්මනාදන් මහතා කියා සිටියේ මෙමගින් කොන්සල් කාර්යාලවලින් සෘජුවම සහතික නිකුත් කිරීමට ඉඩ සැලසෙන අතර, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම ක්‍රියාවලිය වේගවත් හා කාර්යක්ෂම වනු ඇති බවයි.

මේ අනුව රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙසින් ‘GovPay’ පහසුකම හඳුන්වා දීම අද (07) සිදු කෙරේ.

සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගණුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමගින් අපේක්ෂා කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Share.

Comments are closed.

Exit mobile version