Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ලෝක රාජ්‍ය සමුළුව අද ඇරඹෙයි
UAE Sri Lankan

ලෝක රාජ්‍ය සමුළුව අද ඇරඹෙයි

kumudikaBy kumudikaFebruary 11, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන තෙදින සංචාරයේ දෙවන දිනය අදය (11).

අද දිනයේදී ජනාධිපතිවරයා ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව – 2025හි පූර්ණ සැසිවාරයට සහභාගි වීමට නියමිත අතර, සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට සම්බන්ධ වීමටද අපේක්ෂා කරයි.

ඒ අනුව, ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සමඟද, අනතුරුව, කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මහතා සමඟද ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතය.

එසේම, හිටපු බ්‍රිතාන්‍ය අගමැති  ටෝනි බ්ලෙයාර් මහතා හමු වී සාකච්ඡාවක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉන් අනතුරුව පකිස්ථාන අගමැති මුහම්මද් ෂෙබාස් ෂරීෆ් මහතා සමඟින්  ද්විපාර්ශ්වික වශයෙන් වන වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවෙහි නිරත වනු ඇත.

එසේම ජනාධිපතිවරයා,  ඔරකල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සමඟද සාකච්ඡාවෙහි නිරත වීමට අපේක්ෂිතය.
පස්වරුවේදී කුවේට් අගමැති එච්.එච්. ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා හමු වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුවේට් අගමැතිවරයා සමඟින්ද ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද රාත්‍රියේදී, පුල්මන් නගර මධ්‍යස්ථානයේ පැවැත්වෙන ප්‍රජා වැඩසටහනට සහභාගී වීමටද අදහස් කරයි. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ජනාධිපතිවරයා සමඟින් මෙම සංචාරයට එක්ව සිටියි.

Dubai Featured Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරියදුරු රහිත නව රේල් බස් රථයක් ඩුබායි වැසියන්ට හඳුන්වා දීමට සැරසෙයි
Next Article Dubai South හි අයිෆල් කුළුණේ අනුරුවක් ඉදි කිරීමට සැලසුම්
kumudika

Related Posts

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.