එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතය.

”අනාගත ආණ්ඩු හැඩ ගැස්වීම” යන තේමාව යටතේ ඩුබායිහිදී ඊයේ (11) ලෝක රාජ්‍ය සමුළුව ආරම්භ විය. මෙම සමුළුව අතරතුර, උපාය මාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ විය.

කොළොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මහතා සමඟ ද කුවේට් අගමැති ගරු. ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා සමඟ ද ඊයේ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතව තිබිණි.

Share.

Comments are closed.

Exit mobile version