ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව කථන භාෂාවන් වෙනස් වීමේදී රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත් නොකිරීම අදාළ ක්‍රියාවලියෙහි අරමුණ බවයි.

ඒ අනුව මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු ප්‍රධාන භාෂා හොඳින් හසුරුවන පිරිස් මූලික කරගනිමින් අදාළ සංචිතය සකස් කිරීම අරඹනු ඇත.

Share.

Comments are closed.

Exit mobile version