Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ
Sri Lankan news

ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ

kumudikaBy kumudikaFebruary 15, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ගනිමින් ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ඇති ප්‍රතිපාදන ප්‍රකාරව නව ජාතික ක්‍රීඩා සභාව පත් කිරීම අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ඊයේ (14) දින සිදු කරන ලදි.

ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස, ප්‍රියන්ත ඒකනායක පත් කරන ලදී. ඔහු රග්බි ක්‍රීඩකයෙකු සහ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත්, ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස ද නවසීලන්තයේ සහ වේල්සයේ රග්බි සමාජයෙහි ද ක්‍රීඩා කර ඇත.

ජාතික ක්‍රීඩා සභාවේ අනෙකුත් සාමාජිකයින් ද මෙම අවස්ථාවේදී පත් කරන ලදී. එම සාමාජිකයින් ලෙස,
සමන්තා නානායක්කාර – කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහචාර්යවරියක් සහ ක්‍රීඩා මනෝවිද්‍යාඥවරියකි.

රුක්මන් වෑකඩපොළ –  ජාත්‍යන්තර බොක්සින් සංගමයේ උපදේශකයෙකු සහ ක්‍රීඩා විනිසුරුවරයෙකි. 

සිදත් වෙත්තමුනි – 1982 – 1987 දක්වා ආරම්භක පිතිකරුවෙක් ලෙස ද , ටෙස්ට් ක්‍රිකට් සහ එක් දින ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා සහභාගී වූ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේ.

චානක ජයමහ – ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙක් ලෙස දැනට අධිකරණ කටයුතු වල නියැලෙන අතර Colombo  Dockyard PLC හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කර ඇත.

රොහාන් අබේකෝන් – ශ්‍රී ලංකා  රග්බි ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කටයුතු වල නියැලී ඇත.

නිරෝෂන් විජේකෝන් – බැට්මිටන් ක්‍රීඩකයෙක් වන අතර ඔහු, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සදහා සහභාගී වූ පළමු බැට්මිටන් ක්‍රීඩකයා ද වේ.

මුරාද් ඉස්මයිල් – ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය, ඇතුළුව සම්මේලන ගණනාවකට සම්බන්ධව කටයුතු කර ඇත.

රොෂාන් මහනාම – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර 1996 ක්‍රිකට් ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට දිනා දුන් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වේ.

සී. රත්නමුදලි – මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන අතර විශ්ව විද්‍යාල මට්ටමේ ක්‍රීඩා සම්බන්ධයෙන්ද කටයුතු කර ඇත.

ශ්‍රියානි කුලවංස – ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමත්, ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමත් දිනාගන්නා ලදී.

මලික් ජේ. ප්‍රනාන්දු – ඩිල්මා පුද්ගලික සමාගමෙහි සම සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
ශානිත ප්‍රනාන්දු –  හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන අතර CR & FC රග්බි කණ්ඩායම නියෝජනය කරමින් වසර 12 කට වැඩි කාලයක් විවිධ දස්කම් දැක්වූ අයෙකු වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 අයවැය සඳුදා පාර්ලිමේන්තුවට
Next Article රුපියල නැවත ශක්තිමත් වෙයි
kumudika

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.