කෑම පාර්සල් කිරීම සඳහා භාවිත කරන පොලිතින් (ලන්ච් ෂීට්) වෙනුවට පදම් කළ කෙසෙල් කොළ භාවිත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මේ සඳහා අවශ්‍ය කෙසෙල් කොළ සකස් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව සෙන්ටිමීටර් 45 ප්‍රමාණයේ කෙසෙල් කොළයක් රුපියල් 4.00කට මිලදී ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රයක් දෙහිවල පිහිටි සිය කර්මාන්ත ශාලාවක ඇති බවත් ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

කෙසෙල් කොළ සැපයිය හැකි ගොවි ජනතාවට ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය මගින් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවද සඳහන් කරයි. එසේම මෙය ගෘහස්ථ කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කරයි.

Share.

Comments are closed.

Exit mobile version