ප්රකට ව්යාපාරික සඟරාවක් වන L.M.D. විසින් අඛණ්ඩව සිදු කරමින් පවතින සමීක්ෂණයක ජනවාරි මාසයට අදාල ප්රතිඵල ඔවුන් විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, ඉදිරි මාස දොළහ තුළ ආර්ථිකය සුබවාදී අතට වෙනස්වනු ඇති බවට වන විශ්වාසය, සමීක්ෂණය සදහා සහභාගී වූවන්ගෙන් 58% ක පිරිසකට පවතී.
මෙහි විශේෂත්වය වන්නේ, පසුගිය වසරේ සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර, ආර්ථිකය සුබවාදී වනු ඇතැයි විශ්වාසය පලකර තිබුණේ 8% ක පිරිසක් පමණක් වීමය.
ජනවාරි මාසයේ දී ආර්ථිකය පිළිබද සුබවාදී දැක්මක් සහිත පිරිස 58% ක් දක්වා ඉහළ අගයකට පැමිණ තිබෙන්නේ, දෙසැම්බරයේ දී එය පැවති 41% ක අගයක සිට 17% ක වර්ධනයක් සමගිනි.