එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , ජාත්‍යන්තර කායවර්ධන  විසින් සංවිධානය කළ ඩුබායි මසල් බීච් – 2025 ( IFBB Dubai Muscle Beach – 2025 ) කායවර්ධන ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සුභාෂ් බෙත්මගේ ක්‍රීඩකයා එහි පැවති තරග ඉසව් දෙකකට සහභාගී වී ඉන් රිදී පදක්කම් 02 ක් දිනා ගෙන අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම තරගාවලිය එමීර් රාජ්‍යයේ ඩුබායි හි ඉකුත් 02/14 දින සිට 02/16 දින දක්වා ලෝකයේ රටවල් 20 ක ක්‍රීඩකයින් 500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

මෙම තරගාවලියේ උස සෙන්ටි මීටර් 171 ක්ලැසික් පිසික් (Classic Physique) සහ විවෘත කිලෝ ග්‍රෑම් 70 (Open Bodybuilding ) තරග ඉසව් දෙකට සහභාගී වී , එහි අනුශූරතාවයට හිමි රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

ඔහු අද අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඔහු පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කායවර්ධන හා යෝග්‍යතා සම්මේලනයේ නිලධාරීන් සහ සුභාෂ් ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.

Share.

Comments are closed.

Exit mobile version