ගල් අඟු­රු­වල ගුණා­ත්මක බව සහ ප්‍රමි­තිය පරීක්ෂා කිරීමේ ප්‍රතී­ත­නය වූ පරී­ක්ෂ­ණා­ගා­ර­යක් ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට ස්ථාප­නය කිරී­මට තීර­ණය කර තිබේ. විද්‍යා හා තාක්ෂණ ඇමැති ක්‍රිෂාන්ත අබේසේන සහ විදු­ලි­බල හා බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි මහ­ත්ව­රුන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් පසු­ගි­යදා විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යේදී පැවති විශේෂ සාක­ච්ඡා­ව­කදී මේ තීර­ණ­යට එළඹ තිබේ.

එය කාර්මික තාක්ෂණ ආය­ත­නයේ ස්ථාප­නය කිරීමට නිය­මි­තය. ආන­ය­නික ස්වාභා­වික අමු­ද්‍ර­ව්‍යක් වන මේ ගල් අඟු­රු­වල ගුණා­ත්මක බව සහ ප්‍රමි­තිය තාප විදු­ලිය උත්පා­ද­න­යේදී ඉතාම වැද­ගත් සාධ­ක­යකි. එම ගුණා­ත්මක බව මත තාප විදු­ලිය උත්පා­ද­නයේ කාර්ය­ක්ෂ­ම­තාව රඳා පවතී. එසේම විදුලි උත්පා­ද­නය වෙනු­වෙන් ගල් අඟුරු දහ­නය නිසා පරි­ස­ර­යට බල­පෑම් ඇති වේ. නිසි ප්‍රමි­ති­යක් නැති ගුණා­ත්මක බවින් අඩු ගල් අඟුරු දහ­න­යෙන් පරි­ස­ර­යට එකතු වන වායූ පරි­ස­ර­යට අහි­ත­කර බලපෑම් ඇති කරයි.

දිවයිනේ ගල් අඟුරු ආන­ය­න­යේදී අදාළ පරීක්ෂා කිරී­ම්ව­ලට පහ­සු­කම් සහිත ප්‍රතී­ත­නය වූ පරී­ක්ෂ­ණා­ගාර­යක් ශ්‍රී ලංකාව සතුව නැත. එබැ­වින් එම කාර්ය සිදු කර ගැනී­මට රටේ මුදල් වැය කර­මින් විදේශ රට­වල පහ­සු­කම් සහිත ප්‍රතී­ත­නය වූ පරී­ක්ණා­ගා­ර­වල සේවය ලබා ගැනී­මට සිදු වේ. එම විදේ­ශීය පරී­ක්ෂණ වාර්තා මත පද­නම්ව ගල් අඟුරු මිල දී ගැනීම මෙතෙක් සිදු කරන ක්‍රම­වේ­ද­යයි. ජාතික වශ­යෙන් වැද­ගත් වන ප්‍රතී­ත­නය වූ පහ­සු­කම්ව­ලින් සම­න්විත මෙවැනි පරී­ක්ෂ­ණා­ගා­ර­යක් ස්ථාප­නය කිරී­මෙන් වඩාත් විශ්ව­ස­නීය ලෙස ප්‍රමි­ති­ගත ගල් අඟුරු ආන­ය­න­ය­ටත්, විදේ­ශ­යන්හි සේවා­වන් ලබා ගැනී­මට වැය වන මුදල් රටේ රඳවා ගැනී­ම­ටත් හැකි­යාව ලැබෙන බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රති­පා­දන ඇතුළු සහ­යෝ­ගය රජය මඟින් ලබා දෙන බවත් ඇමැ­ති­ව­රුන් ප්‍රකාශ කළහ.

කාර්මික තාක්ෂණ ආය­ත­නය වෙනත් විද්‍යා­ත්මක පරී­ක්ෂණ සිදු කිරීම වෙනු­වෙන් ප්‍රතී­ත­නය ලබා ඇති විද්‍යා­ගාර සතු පර්යේ­ෂණ ආය­ත­න­යක් වන අතර ගල් අඟු­රු­වල ප්‍රමි­තිය තීර­ණය කිරීමේ පරා­මි­තීන් සඳහා ඉතා පහ­සු­වෙන් ළඟා­වී­මට එම ආය­ත­න­යට හැකි­යාව ඇත. ඒ සඳහා ශක්‍ය­තාව ඇති පළ­පු­රුදු පර්යේ­ෂ­ක­යන්, විශ්ලේ­ෂණ විද්‍යා­ඥ­යන් සහිත එම ආය­ත­නයේ මේ නව පර්යේ­ෂ­ණා­ගා­රය නුදුරු අනා­ග­ත­යේදී ස්ථාපිත වනු ඇත.

විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාංශ ලේකම් වයි.එල්.මොහො­මඩ් නවාවි මහතා ප්‍රමුඛ අමා­ත්‍යාං­ශට අනු­බද්ධ ආය­ත­න­වල ප්‍රධා­නීන්, විදු­ලි­බල හා බල­ශක්ති අමා­ත්‍යාංශ නිල­ධා­රීන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Share.

Comments are closed.

Exit mobile version