යුනිලීවර් සමාගම විසින් දකුණු ආසියාවේ සිදුකරන ලද විශාලම ආයෝජනය සිදු කරමින් ඉදිකළ ධාන්‍යමය ආහාර පාන කර්මාන්ත ශාලාව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) සපුගස්කන්ද ලින්ඩල් කර්මාන්ත පුරයේදී විවෘත කෙරිණි.

ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමයන රැගෙන එන කර්මාන්ත අතරින් ඉදිරියෙන්ම සිටින යුනිලීවර් සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද හතරවන කර්මාන්ත ශාලාව මෙය වන අතර මේ සඳහා රුපියල් බිලියන 3.8 ක ආයෝජනයක් සිදුකර තිබෙනවා. මෙම ආහාර කර්මාන්ත ශාලාව 2023 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ අතර වසරක් තුළදී මෙහි ඉදිකිරීම් අවසන් කර ඊයේ දින නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය.

Share.

Comments are closed.

Exit mobile version