Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති ජාතිය අමතයි

May 13, 2025

චමරිට ICC යෙන් දඬුවම්

May 13, 2025

ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් – කිලෝ එකේ ලුණු පැකට්ටුව ඉදිරියේදී රු 800 ට යන ලකුණු

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්ධන බෙදුම්කරුවන් ලබා ගන්නා 3% වට්ටම් මුදල අහෝසි කරයි
Sri Lankan news

ඉන්ධන බෙදුම්කරුවන් ලබා ගන්නා 3% වට්ටම් මුදල අහෝසි කරයි

kumudikaBy kumudikaFebruary 28, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට ලබා ගන්නා 3% ක වට්ටම් මුදල අහෝසි කර හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකරන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි.

අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ මෙතෙක් ඔවුන් ලබා ගත් 03%ක මුදල අනීතික බවය.

“මේ ගොල්ලන්ට 3%ක වට්ටමක් හිමිවෙලා තිබුණා. නමුත් 2022 මාර්තු 10 වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව තමයි ඒක බලාත්මක වෙන්නේ. ඒකට අනුව දැනට ගෙවන මුදල අනීතිකයි. ඒකේ පැහැදිළිව තියෙනවා ඩීසල් සඳහා මිල රුපියල් 121කට වඩා වැඩි වුණොතින් ඒකට අදාළ 3% ගාන තමයි ගෙවන්නේ. පෙට්‍රල් සඳහා රුපියල් 162ක්.  එහෙම ගත්තොතින් පෙට්‍රල් ලීටරයකින් ඒ ගොල්ලන්ට වට්ටම හැටියට හිමිවිය යුත්තේ3.63%ක්. ඩීසල්වලින් හිමිවිය යුත්තේ 4.86%ක් නමුත් ගිය මාසේ 3%ට ගණනය කළොතින් ඒගොල්ලොන්ට හිමිවෙනවා රුපියල් 8.52ක් පෙට්‍රල් 92ට හිමිවෙනවා 9.14ක් පෙට්‍රල් 95 සහ සූපර් ඩීසල් ගත්තොත් මීට වඩා වැඩි මුදලක් හිමි වෙනවා.

2022 වසරෙදි අසාමාන්‍ය විදිහට තෙල් මිල වැඩිවුණා. ඒ මිල වැඩිවුණාට පස්සේ 3%ට ගණනය කළාම රුපියල් 14-15ට ගියා. නමුත් 2022 චක්‍රලේකයට අනුව ඒ ගොල්ලන්ට හිමිවිය යුත්තේ රුපියල් 121කට වඩා ඩීසල් වැඩි වුණොතින් 3% විතරයි. ඒක සිදු වුණේ තෙල් සංස්ථාවේ සිදුවූ වරදක්. අපේ තෙල් සංස්ථාවේ සිස්ටම් එක හරිගස්සලා තිබුණා නම් 3.63%ට වඩා ඒ අයට යන්නේ නෑ. 

දැන් අපි තීරණයක් ගත්තා මේ 3% ඉවත් කරලා මේ ගොල්ලන්ගේ වියදම්වලට සාපේක්ෂව සමීකරණයක් සකස් කරන්න. ඒක අපි අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දුන්නා. ලේකම්වරයා විසින් කමිටුවක් පත් කළා ඒ කමිටුව මගින් ගත්ත තීරණය තමයි මේ ක්‍රියාත්මක කරන්න යන්නේ හෙට ඉඳලා.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකාවේ වරාය දියුණු කරන්න නෙදර්ලන්ත රජයෙන් ආධාර
Next Article විදේශ විනිමය වාර්ෂිකව රුපියල් ලක්ෂ 18 ට වඩා අඩුනම් බදු අය නොකෙරේ
kumudika

Related Posts

සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති ජාතිය අමතයි

May 13, 2025

චමරිට ICC යෙන් දඬුවම්

May 13, 2025

ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් – කිලෝ එකේ ලුණු පැකට්ටුව ඉදිරියේදී රු 800 ට යන ලකුණු

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.