Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හම්දාන් බින් මොහොමඩ් මහතා අබුඩාබියේ අල් දෆ්රා ගුවන් කඳවුරට පැමිණේ

May 12, 2025

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»IMF වෙතින් සිව් වන ණය වාරිකයත් ලබා දෙයි
Sri Lankan news

IMF වෙතින් සිව් වන ණය වාරිකයත් ලබා දෙයි

kumudikaBy kumudikaMarch 1, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සඳහා තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ ඔවුන් ඊයේ (28) රැස්වූ අවස්ථාවේදීය. ඇමරිකානු ඩොලර් මිලියන 344ක ණය වාරිකයක් එලෙස අනුමත කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එහි ප්‍රගතිය සහ කාර්ය සාධනය මත පදනම්ව මෙම වාරිකය අනුමත විය.

මේ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍ය සහාය වි.ගැ.හි. බිලියන 1.02ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.34ක් පමණ වේ.

IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසයි. සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර 2024 වසරේ දෙසැම්බර් මස අවසානය සඳහා වූ අනෙකුත් සියළුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරාගන්නා ලදී. 2025 වසරේ ජනවාරි මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත.

මෑතක දී අවසන් කරන ලද ණය ප්‍රතිව්‍යූහගතකරණ කර්තව්‍යයන් ණය තිරසාරභාවය ඇති කිරීම සඳහා වන ගමන් මගෙහි සාර්ථක ප්‍රතිඵලයකි.

Colombo Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ ශුද්ධ වූ රාමසාන් මාසය හෙටින් ඇරඹේ
Next Article ශ්‍රී ලංකාවේ උද්ධමනය පහල යයි
kumudika

Related Posts

Dubai Parks & Resort එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් සඳහා සුවිශේෂී දීමනාවක් එළිදක්වයි

May 12, 2025

Dubai Global Village 29 වන වාරයේ අවසන් දිනය දීර්ඝ කරයි

May 12, 2025

සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුන් පොහොය අදයි

May 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.