X සමාජ මාධ්‍ය ජාලයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසයි. ඒ් හේතුවෙන් බ්‍රිතාන්‍ය සහ අමෙරිකාවේ දහස් ගණනක X ගිණුම් ඇණහිට ඇති බව වාර්තා වෙයි.

සිය “X” ගිණුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන අතර ඊයේ දිනයේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවය.

ඒ හේතුවෙන් පැය 6කට ආසන්න කාලයක් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යය X සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබූ බව වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version