ලංකාවේ පළමු වරට, නෙදර්ලන්තයේ ආයෝජකයෙකු වන පීටර් වැන් ටිල්බර්ග්, ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ සමූහයක් සමඟ එක්ව අවිස්සාවේල්ල, දෙහිඕවිට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ පළමු පාවෙන හෝටලයක් ඉදිකිරීමට කිරීමට සැලසුම් කර ඇත.

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් හි බෝට්ටු තැනීමේ අංගනයක හිටපු හිමිකරු වූ ටිල්බර්ග් පැවසුවේ, මේ සඳහා ඉඩමක් මිලදී ගෙන ඇති බවත්, රුපියල් මිලියන 400ක පමණ ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීමට සූදානම්ව සිටින දේශීය ආයෝජකයින් තිදෙනෙකු සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි. “අපි මෙම ව්‍යාපෘතිය මේ වසරේ මැද භාගයේදී ආරම්භ කිරීමටත්, 2025 අවසානය වන විට එය සූදානම් කිරීමටත් බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු පැවසීය.

“මම දෙහිඕවිට ප්‍රදේශයේ මිලදී ගත් අක්කර දෙකක ඉඩම ජලාශයකට ආසන්නව පිහිටා ඇති අතර, අපි සැලසුම් කර ඇත්තේ චාලට් 7ක් ඉදිකිරීමටයි. ඒවාට බිම මත රැඳී සිටීමටත්, පාවීමටත් හැකි වනු ඇත. ඒවායේ විශේෂ නැව් වැනි ගෘහ නිර්මාණ ශිල්පය නිසා මෙය නිවසක් සහ බෝට්ටුවක් අතර මධ්‍යම මාදිලියක් වනු ඇත, යැයි ඔහු පැහැදිලි කළේය.

Share.

Comments are closed.

Exit mobile version