ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය’ පසුගිය පෙබරවාරි මස 56.8 ක අගයක් වාර්තා කළ බවත් සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශනය පෙබරවාරි මස 56.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

මෙම වර්ධනය සඳහා සියලුම උපදර්ශක ධනාත්මක ලෙස දායකවී ඇති බවත් ආහාර පාන නිෂ්පාදනයේ නියුතු සියලුම සමාගම් එළඹෙන උත්සව සමය සඳහා සූදානම් වෙමින් සිටීම නව ඇන්වුම් සහ නිෂ්පාදන උප දර්ශකය ප්‍රවර්ධනය වීමට බලපෑ බවත් මහ බැංකුව කියයි.

ඉහළ යන ඉල්ලුමට මුහුණදීම සඳහා සේවා නියුක්තිය සහ තොග මිලදීගැනීම් ඉහළ ගොස් ඇති බව කියන මහ බැංකුව සැපයුම්කරුවන්ගේ කාර්යබහුලත්වය පිළිබිඹු කරමින් පෙබරවාරි මස ඇනවුම් සැපයීමේ කාලය තව දුරටත් ඉහළ ගොස් ඇති බව ද එම බැංකුව සඳහන් කරයි.

ව්‍යාපාර ක්‍රියාකාරකම් ඉහළ යෑමට බොහෝ අංශවල වූ වර්ධනය ප්‍රධාන හේතුව බවති් ණය දීම ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය වීමෙන් තොග සහ සිල්ලර වෙළෙදාම සහ අධ්‍යාපනය ආශ්‍රීත ව්‍යපාර ක්‍රියාකාරකම් ද පෙරවාරි මස වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව කියන මහ බැංකුව දේපළ වෙළෙදාම, වෘත්තීය සේවා, නවාතැන් හා ආහාරපාන සැපයීම, රක්‍ක්‍ෂණ හා අනිකුත් පෞද්ගලික සේවාවලට සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් ද ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ද සඳහන් කරයි.   

Share.

Comments are closed.

Exit mobile version