මෙම අලුත් අවුරුදු උත්සව මාලාවේ පළමු වැන්න මාර්තු 31 වනදා ” SK කතරේ වසන්ත උදානය” Dubai Etisalat Academy Sports and Leisure Club හිදි පැවැත් වේ. අප්‍රේල් 5 වනදා “Sara Cargo බක්මහ සැණකෙළිය” අබුඩාබියේදී සහ අප්‍රේල් 6 “Sara Cargo බක්මහ සැණකෙළිය” සාජා හිදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් ඇත. අප්‍රේල් 12 වනදා “සිඟිති අලුත් අවුරුදු මංගල්‍යය ” සවස 2.00 සිට Damac hills, 1 – Community Park Football ground හිදී පැවැත් වේ. එදිනම “Frico Cargo බක්මහ උළෙල ” Al ain Sportplex හිදී දහවල් 1.00 සිට ඇරඹේ.
“එරබදු වසන්තය ” අප්‍රේල් 13 වනදා උදෑසන 10.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා Zabeel Park ක්‍රීඩාංගනයේදී පවත්වනු ලැබේ. අප්‍රේල් 27 වනදා “ඕෂන් ලංකා කෝකිල මංගල්‍යය” උදෑසන 9.00 සිට මධ්‍යම රැය දක්වා පැවැත් වනුයේ Zabeel Park ක්‍රීඩාංගනයේදීය. එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකේය ජනතාවට සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ හෙල අවුරුදු සිරිත් විරිත් සමඟින් විනෝද ඉසව් රැසක් මෙම උත්සව වලදී අත්විඳිය හැක.



