Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජපානයෙන් දිවයිනට ගෙන්වන වාහන වලට පනවන බදු ඉහල වැඩියි – ජපන් තානාපති කියයි

May 14, 2025

දුර ගමන් බස් සේවා විශේෂ පරික්ෂාවකට

May 14, 2025

Aqua, Prius මෝටර් රථ වර්ග ආනයනය නවතයි

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අද ලෝක ජල දිනයයි
Sri Lankan news

අද ලෝක ජල දිනයයි

adminBy adminMarch 22, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අදට (මාර්තු 22)ලෝක ජන දිනය යෙදී ඇත. 2025 වසරේ ලෝක ජල දිනයේ තේමාව “ගැලැසියර් සංරක්ෂණය” යන්නයි.

මිනිසාට ආහාර නොමැතිව මසකට වැඩි කාලයක් ජීවත්වන්නට හැකි නමුත් ජලය නොමැති ව ජීවත් විය හැක්කේ දින තුනක් තරම් කෙටි කාලයක් පමණි. ඒ තරම් සුරක්ෂිතභාවයක් සනිටුහන් කරමින් ජීවයේ පැවැත්ම සනාථ කරමින් ජලය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ හා එහි වැදගත්කම ලෝක ප්‍රජාවට සමීප කරවීම පිණිස 1992 දී රියෝ ද ජැනයිරෝ හි එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී යෝජනා කළ අතර එතැන් සිට් වාර්ෂිකව මාර්තු 22 දින ලෝක ජල දිනය ගෝලීයව සමරනු ලබයි.

පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂාව සඳහා ඇති අයිතිය මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2010 දී පිළිගෙන ඇති පසුබිමක ලොව පුරා අවම වශයෙන් බිලියන 2.1 ජනතාවක් දේශගුණික විපර්‍යාස, යුද්ධය, ප්‍රාදේශීය ගැටුම් වැනි හේතුවෙන් ආරක්ෂිත ජලය නොමැතිව ජීවත් වේ.

සෑම දිනකම වයස අවුරුදු හතට අඩු ළමුන් 700 කට අධික පිරිසක් අනාරක්ෂිත ජලය හා දුර්වල සනීපාරක්ෂාව හේතුවෙන් රෝගාබාධ වලින් මිය යන අතර එක්සත් ජාතීන් විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනයන්ට අනුව බිලියන හතරක පමණ ජනතාවක්; ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් වසරේ අවම වශයෙන් මාසයක් තුළ දැඩි නියඟයකට මුහුණ දෙනු ලබයි. වර්තමානයේ පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති ව පීඩා විඳිති.

2035 වන විට ලොව පුරා මිලියන 400 ක ජනතාවක් උග්‍ර ජල හිඟයෙන් අවතැන් වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශ්වාස කරයි.
ලෝක බැංකුවේ පුරෝකතනවලට අනූව ලෝකය, 2030 වන විට ඉල්ලුම සහ පවතින ජල සංචිත අතර පරතරයකට මුහුණදෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ද, පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවන්නේ, 62 % කට ආසන්න පිරිසකට වන අතර අවිධිමත් සංවර්ධනය හා වන හායනය හේතුවෙන් ජල පෝෂිත ප්‍රදේශ තර්ජනයකට ලක්වීම, ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රබල අභියෝගයකි.

මෙවර ජල දිනයේ තේමාව වන ග්ලැසියර සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි දායකත්වය වන්නේ පාරිසරික උෂ්ණත්වය පාලනය කිරීමට සෘජුව මැදිහත් වීමයි.
පරිසර අමාත්‍යංශයේ ජල සම්පත් මණ්ඩලයද මෙවර ජල දිනයට අදාලව විශේෂ සැමරුම් වැඩසටහනක්ද පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි අද (22)පෙරවරුවේ සංවිධාන කර තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 අයවැය වැඩි ඡන්ද  114 කින් සම්මතයි
Next Article සෑම ගමකටම විදෙස් රැකියා අවස්ථා සමානව ලබා දීමට පියවර
admin
  • Website

Related Posts

ජපානයෙන් දිවයිනට ගෙන්වන වාහන වලට පනවන බදු ඉහල වැඩියි – ජපන් තානාපති කියයි

May 14, 2025

දුර ගමන් බස් සේවා විශේෂ පරික්ෂාවකට

May 14, 2025

Aqua, Prius මෝටර් රථ වර්ග ආනයනය නවතයි

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.