Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සෑම ගමකටම විදෙස් රැකියා අවස්ථා සමානව ලබා දීමට පියවර
Sri Lankan news

සෑම ගමකටම විදෙස් රැකියා අවස්ථා සමානව ලබා දීමට පියවර

adminBy adminMarch 22, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වඩාත් නිපුණතාවයක් සහිත ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ බවත්, රැකියා අවස්ථා සියලුම ගම්මාන වලට සමානව ලබාදීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩායම පසුගියදා (19) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම කණ්ඩායමට රැකියාලාභීන් 50 දෙනෙකු ඇතුළත් විය.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණවලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මසදි ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරැයි ඇදීම මගින් තෝරාගෙන තිබේ. වසර 5 ක කාලයක් සඳහා රැකියා කිරිමට මේ යටතේ අවස්ථා හිමිවේ.

මෙම පිරිසට ගුවන් ගමන් බලපත්‍ර ලබාදිම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා සඳහන් කළේ විගමනික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙන බවත් එමඟින් ආර්ථික දේහය පෝෂණය කිරීමට සමත් වන බවත්ය. වඩාත් නිපුණතාවයක් සහිත ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ බවත්, රැකියා අවස්ථා සියලුම ගම්මාන වලට සමානව ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය. එහිදී කිසිදු දේශපාලන මැදිහත්විමක් නොකොට තෝරා ගැනීමේදී පූර්ණ විනිවිද භාවයකින් යුතුව ඔවුන් තෝරා ගැනීමට අවශ්‍ය විධි විධාන යොදා ඇති බව ද ඔහු කියා සිටියේය.

එහිදී කිසිදු පුද්ගලයෙකුට අසාධාරණයක් නොවන අයුරින් මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ද කෝශල වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ වසරේදි විදේශ රැකියා සදහා ශ්‍රමිකයන් 344,000 විදේශ ගත කිරිමට බලාපොරොත්තුවන බව ද ඔහු සඳහන් කළේය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅද ලෝක ජල දිනයයි
Next Article මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට නව පනත් කඩිනමින් පාර්ලිමේන්තුවට
admin
  • Website

Related Posts

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.