මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට සහ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සංශෝධනය කිරීමට අදාල පනත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දැනට රුපියල් මිලියනයක් වන මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය යලි රු:250,000 දක්වා අඩුකරන බවත් ජනපති අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.
එහිදී ජනපතිවරයා සඳහන් කළේ, තමන්ගේ මන්ත්‍රී විශ්‍රාම වැටුපද ඉවත් කිරීමට අදාලව තමා විසින් පාර්ලිමේන්තුවට ලිපියක් ලබාදුන් බවයි.