Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි හි වාහන නැවැත්වීමේ නව ගාස්තු

March 24, 2025

Etihad Airways විසින් 2025  Eid Al Fitr සහ ගිම්හාන  සංචාරක උපදේශනය නිකුත් කරයි

March 24, 2025

ලංකාවේ පළමු ශුක්‍ර ධාතු බැංකුව කාසල් රෝහලේ පිහිටුවයි

March 24, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, March 25
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නීතිවිරෝධී හෝ අයථා ලෙස උපයා ගත් රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීමේ නව පනත් අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
Sri Lankan news

නීතිවිරෝධී හෝ අයථා ලෙස උපයා ගත් රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීමේ නව පනත් අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට

adminBy adminMarch 23, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ  නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා පවසයි.

එළැඹෙන අප්‍රේල් මස 8 වනදා අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු පවසයි.
එම පනත තුළින් මෙරට රාජ්‍ය දේපොළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය කරන පුද්ගලයින්ගේ ඕනෑම දේපොළක් නීත්‍යානුකුලව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ලබාගැනීමට හැකිවන බව චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය ධනය විවිධ වකවානුවල සිටි පාලකයෝ, දේශපාලඥයින්ට සම්බන්ධ සමීපතමයින්, තාත්තලා, පුතාලා, බාප්පලා ඇතුළු ඒ දේශපාලනයේ හිටපු අය, ඥතීන් එකතුවෙලා අපේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් විවිධ ආකාරයෙන් අයථා ලෙස පරිහරණය කරලා තියෙනවා, අත්පත් කරගෙන තියෙනවා. එමෙන්ම ඒවා තමන්ගේ බවට පත්කරගෙන තියෙනවා. එවැනි නීතිවිරෝධී හෝ අයථා ලෙස උපයාගෙන අද ඒවා පුද්ගලික දේපොළ ලෙස පත්කරගත් ඕනෑම කෙනෙකුගේ දේපොළක් නීත්‍යානූකූලව විධිමත්ව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා යළි රජයට පවාරා ගැනීමේ හැකියාවක් ලැබෙන නව නීති සම්පාදනයක් සඳහා වන පනතක් ඉදිරි අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට එන්න නියමිතයි. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ අභිලාෂයන් අපි දවසින් දවස ඉටුකරමින් මේ රටේ හැම පුරවැසියෙකුගේම බලාපොරොත්තු ඒ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අවශ්‍ය විදිවිධාන කලබලයක් නැතුව ඉදිරියට ගෙනියනවා.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදිවයිනම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක්
Next Article අපරාධකරුවන් ලක්ෂ 10 කගේ ඇඟිලි සළකුණු ඩිජිටල්කරණයට
admin
  • Website

Related Posts

ඩුබායි හි වාහන නැවැත්වීමේ නව ගාස්තු

March 24, 2025

Etihad Airways විසින් 2025  Eid Al Fitr සහ ගිම්හාන  සංචාරක උපදේශනය නිකුත් කරයි

March 24, 2025

ලංකාවේ පළමු ශුක්‍ර ධාතු බැංකුව කාසල් රෝහලේ පිහිටුවයි

March 24, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.