අපරාධකරුවන් ලක්ෂ 10 කගේ පමණ ඇඟිලි සළකුණු ඩිජිටල්කරණය කර ඇතැයි පොලීසිය පවසයි. පොලිස් අපරාධ වාර්තා අංශය සඳහන් කළේ, අධිකරණයේදී වරදකරුවන් වූ පුද්ගලයින්ගේ ඇඟිලි සළකුණු එසේ ඩිජිටල්කරණ පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.
2013 වසරේදී අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භ විය.
ඒ හරහා මේ වන විට අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකරගෙන ඇතැයි, පොලිස් අපරාධ වාර්තා අංශය සඳහන් කළේ ය.
ඊට අමතරව අපරාධකරුවන්ගේ මුහුණු හඳුනා ගැනීම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලියක් ද ආරම්භ කර තිබේ.