පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් ඊයේ(22) මැතිවරණ කොමිෂන් සභාවෙන් හඳුන්වා දෙනු ලැබීය.

විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් ජංගම දුරකථන යෙදවුම මෙලෙස හඳුන්වා දී තිබේ.මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ,

මහජනතාවට පැමිණිල්ලක් තිබෙනවා නම් දැන් හැකියාව තිබෙනවා මේ ඇප් එක හරහා එය ඉදිරිපත් කරන්න. පැමිණිල්ල කරපු පුද්ගලයාටත් දැනගත්ත පුළුවන් එයාගේ පැමිණිල්ලට මොකද වුණේ කියලා.

මේ ඇප් එක හරහා වීඩියෝ, ඡායාරූප තොරතුරු ලබාදීමේ හැකියාවත් තිබෙනවා.”

Share.

Comments are closed.

Exit mobile version