ලෝකයේ ප‍්‍රධානතම ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක්ගේ ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ගෙන ඇති බව වාර්තා වේ.

ඒ ජාතික ආරක්ෂාවට ඇතුළු කරුණුවලදී රාජ්‍ය ආයතන වලට හෝ දත්ත වලට හෝ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීමේ කටයුතු සිදුවන තුරුය.

ඇතැම් පුද්ගලයන් නීති විරෝධී කටයුතු සඳහා මෙම චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව භාවිතා කිරීමේ අවස්ථා තිබිය හැකි බවත් රජයේ අදහසයි.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink ආයතනය සමග තවදුරටත් සාකච්ඡා කරමින් ඇත.

Starlink ආයතනයට මෙරට අන්තර්ජාල සැපයීමේ කටයුතු සඳහා අවශ්‍ය බලපත්‍රය පසුගිය රජය සමයේදී නිකුත් කර ඇති අතර ඊට අදාළව පාර්ලිමේන්තු තුළ නව පනතක්ද සම්මත කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version