Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර පිහිටුවීමේ ව්‍යාපෘතිය පෑලියගොඩින් ඇරඹේ
Sri Lankan news

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර පිහිටුවීමේ ව්‍යාපෘතිය පෑලියගොඩින් ඇරඹේ

adminBy adminMarch 30, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර  පෑලියගොඩ, කැලණි පාලම අසලදී අද ආරම්භ විය.

ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමග එක්ව සිටියි. 

ඒ අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම පැළ ආරක්ෂා කොට  රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි.

ඒ අනුව පෑලියගොඩ කැලණි පාලම අසළ රෝපණය කෙරුණු පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ වගකීම පෑලියගොඩ ධර්මවිජය දහම් පාසලේ සිසු දරු දැරියන් වෙත පැවරීමද මෙහිදී සිදු විය.

ගස පිළිබඳ සියලු තොරුතුරු එනම් ගස වැඩීමත් සමග එහි කාලීන තත්ත්වය සහ කැපකරුවන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන යෙදවුමක්ද (APP) හඳුන්වාදී තිබීම විශේෂත්වයකි.

මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ මෙම වැඩසටහන හුදු වන වගා ව්‍යාපෘතියක් පමණක් නොව සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික වශයෙන් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණු සමඟ බැඳි ජනතාව තුළින් මතුවන, ජනතාවාදී ව්‍යාපාරයක් බවය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ ඊද් අල් ෆිතර් සැමරුම නිල  වශයෙන් අද ඇරඹෙයි
Next Article 2028 වසර වන විට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් හදනවා – ජනපති කියයි
admin
  • Website

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.