2028 වසර වනවිට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ සඳහා වන සංඥා මේ වනවිටත් නිකුත් කරමින් ඇති බව ජනාධිපතිවරයා පැවසුවේය.
දෙයියන්දර ප්‍රදේශයේ ඊයේ (30) පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ 2025 වසර මෙරට ඉතිහාසයේ වැඩිම සංචාරකයින් දිවයිනට පැමිණි වසර බවට පත්වනු ඇති බවයි.

එමෙන්ම 2028 වසරේදී යළිත් ණය ගෙවීම ආරම්භ කරන විට ශ්‍රී ලංකා රුපියල නොවැටී ආරක්ෂා කරගත හැකි තත්ත්වයක් උදාකරගත හැකි බවට විශ්වාසයක් පවතින බවයි ඔහු මෙහිදී පැවසුවේය.

වැඩිම අපනයන ආදායම උපයාගත හැකි වසර සහ විදෙස් ගත ප්‍රේෂණ වැඩිම ප්‍රමාණයක් ලැබෙන වසර ද 2025 වසර වනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version