Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාසල් 1557 ක් වසා දමන්න රජයෙන් සූදානමක් ?
Sri Lankan news

පාසල් 1557 ක් වසා දමන්න රජයෙන් සූදානමක් ?

adminBy adminMarch 31, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආණ්ඩුව මගින් අධ්‍යාපන පාසල් ප්‍රතිව්‍යුහගත ව්‍යාපෘතිය යටතේ සිසුන් අඩු ප්‍රාථමික පාසල් 1557 ක් වසා දැමීමට හඳුනා ගෙන ඇතැයිද එමගින් දැනට 3% ක් පමණ තිබෙන ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීම අත්හරින දරුවන්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යෑමේ අවදානමක් පවතින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මේ සඳහා ප්‍රමුඛස්ථානයද ලබා දී ඇතැයි සභාපතිවරයා පෙන්වා දෙයි.මෙමඟින් හුදෙකලා වූ තවත් පාසලකට ළඟාවිය හැකි ඉතා දුර වූ දුෂ්කර ප්‍රදේශවල වූ පාසල් දරුවන්ට විශාල අසාධාරණයක් වන බවද හෙතෙම කියා සිටියේය. මෙමගින් පාසල් දරුවන් දස දහසක පමණ ග්‍රාමීය දුෂ්කර දරුවන් ප්‍රමාණයක් අසරණ වන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සදහන් කලේය.

මෙයට පෙර පැවති ආණ්ඩු මේ ප්‍රතිසංස්කරණ ගෙන ඒමට සූදානම් වෙද්දි එදා සටන් බිමේ සිටි වත්මන් ආණ්ඩුවේ පිරිස්ම මෙය සිදු කිරීම විමතියට කරුණක් බවද ඒ මහතා කීය.

රටේ පවතින හතළිස් දහසක පමණ ගුරු හිඟයට පිළියමක් ලෙස, ‘ පය බරවාට පිටිකර බෙහෙත් බැන්දා’ සේ මෙවැනි පිලියම් යෙදීම මේ රටේ නිදහස් අධ්‍යාපනයට කන කොකා හැඬීමක් බවද සභාපතිවරයා අවධාරණය කළේය.

අධ්‍යාපන පාසල් ප්‍රතිව්‍යුහගත ව්‍යාපෘතිය මගින් උසස් පෙළ හදාරන ළමුන් පහළවට අඩු උසස් පෙළ අංශද වසා වෙනත් පාසල් වලට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ඒ මහතා කීය. මෙමගින්ද සාමාන්‍ය පෙළින් තේරී පත්වූ ළමුන් උසස්පෙළ කිරීමෙ අවදානමක්ද ගොඩනැගෙන බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

මේ සඳහා කළ යුත්තේ අදාළ පාසල් වලට විෂයට අදාළ ගුරුවරු සපයා පහසුකම් සැලසීම මිස එම අංශ වසා දැමීම නොවන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.මේ ඊනියා ප්‍රතිසංස්කරණයට ලංකා ගුරු සංගමයේ බලවත් විරෝධය පළ කරන අතර මේ ව්‍යාපෘති යටතේ උතුරු මැද පළාතේ පාසල් කිහිපයක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද ඒ මහතා අවධාරණය කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2028 වසර වන විට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් හදනවා – ජනපති කියයි
Next Article යාල ජාතික වනෝද්‍යානය දිනකට පැය දෙකක් වසයි
admin
  • Website

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.