Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉදිරියේදී බස් ගාස්තු දැනෙන්න වැඩි වෙයි ?
Sri Lankan news

ඉදිරියේදී බස් ගාස්තු දැනෙන්න වැඩි වෙයි ?

adminBy adminApril 2, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරි මාස දෙක තුළදී ශ්‍රී ලංකාවේ බස් ගාස්තුව සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (01) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
පෙට්‍රල් මිල මෙන්ම ඩීසල් මිල ද පහළ දැමීමට කටයුතු කර තිබුණේ නම් බස් ගාස්තුව අඩුවීමේ වාසිය ජනතාවට ලබාගැනීමට අවස්ථාව පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා කියා සිටියේ මෙම තීරණයේ අවාසිය ඉදිරි කාලයේදී ආණ්ඩුවට එල්ලවෙන බවය.

ඉදිරියේදී වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුවන බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ මෙවර කරුණු දොළහක් පදනම් කරගනිමින් වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට යාමට සිදුවන බැවින් නියත වශයෙන් බස් ගාස්තු වැඩිවීමක් සිදුවන බවයි.

වැඩිදුරටත් ඔහු මෙසේද පැවැසීය.

“අපි බලාපොරොත්තු වුණා මේ එළඹෙන සිංහල අලුත් අවරුද්දේ ඩීසල් මිල අඩු කරයි කියලා. ඒ නිසා වගකීමෙන් මම කියන්නේ තව මාස දෙකයි අපිට තියෙන්නේ. විශේෂයෙන්ම ජුලි අග වෙද්දී වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුවෙනවා.ඒ නිසා අඩුවීම කෙසේ වෙතත් අනිවාර්යෙන්ම ජුලි මාසයේදී බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවෙයි.අපි මේකේ අවදානම සති දෙකකට පෙර ප්‍රවාහන අමාත්‍යංශයේ අමාත්‍යවරයා එක්ක සාකච්ඡා කළා.

කෙසේ වෙතත් බස් ගාස්තු වැඩිවීමකට අපිට යන්න වෙනවා. මේකට හේතුව තමයි අපි දිගින් දිගටම කිව්වා බස්රථවලට වැට් ආදේශ කරලා තියෙනවා. බස් රථයේ මිල වැඩිවෙලා තියෙනවා. දැනටමත් ඩීසල්වලින් රුපියල් තුනක් පාඩුවට තමයි අපි බස් ධාවනය කරන්නේ. ජාතික ප්‍රතිපත්ති අනුව ගියපාර ඩීසල් රුපියල් තිස් ගණනකින් අඩු වුණාම අපි ඍජුවම බස් ගාස්තුව සියයට හතරකින් අඩු කළා. ඒ නිසා යම්කිසි පරස්පර විරෝධතාවක් තියෙනවා. තව මාස දෙකක් යද්දි ජනතාවට මේ වැඩිවීමේ ප්‍රතිලාභය භුක්ති විඳින්න සිදුවේවි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධ ගැටළුවෙන් ලංකාවට ඩොලර් බිලියනයක පාඩුවක්
Next Article ට්‍රම්ප් තීරු බදු අය කරන රටවල් ලැයිස්තුව පිළිබඳ නිවේදනය කරයි
admin
  • Website

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.