මේ වසරේ ජූනි මස මුල් භාගයට යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් මක්කම වන්දනාවට (උම්රා) විශාල බැතිමතුන් පිරිසක් පැමිණීම පාලනය කිරීම සඳහා රටවල් 14කට වීසා බලපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සෞදි රජය තීරණය කර ඇත. හජ් වන්දනා සමය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි උම්රා, ව්‍යාපාරික සහ පවුල් වීසා බලපත්‍ර අත්හිටුවීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. සෞදි අරාබිය වීසා ලබාගැනීමේ අවසන් දිනය මේ මස 13 වැනිදායින් නිමාවට පත් කරන බව සඳහන් ය.
තාවකාලික තහනමට ලක්වී ඇති රටවල් අතර ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, ඇල්ජීරියාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරාකය, ජෝර්දානය, මොරොක්කෝව, නයිජීරියාව, සුඩානය, යේමනය සහ ටියුනීසියාව ඇතුළත් වී තිබේ.