බන්ධනාගාර ගත රැඳවුවන්ට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අමුත්තන් විවෘතව හමුවීමේ විශේෂ අවස්ථාවක් (OPEN VISIT) අප්‍රේල් 13 හා 14 දෙදින තුළ උදාකර දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙම මස 13 හා 14 දින තුළ රැඳවුවන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් හා සනීපරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවුවකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී තිබේ.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී.බී.දිසානායක මහතා පවසයි.

Share.

Comments are closed.

Exit mobile version