Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්
Sports

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්

adminBy adminApril 13, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එංගලන්තයේ බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් හට ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිතය.

හිටපු අගමැති රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ ඇන්ඩර්සටන්ට නයිට් පදවිය ලබා දී ඇති අතර, ක්‍රීඩකයෙකුට එම සම්මානය ලබා දුන් එකම අවස්ථාවද වෙයි.

ඇන්ඩර්සටන්ට ලබාදුන් ගෞරව නාමය සම්බන්ධයෙන් අදහසක් දක්වන එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති රිචඩ් තොම්සන් පවසා සිටියේ, “එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ ලබා දුන් පුරාවෘත්තයකට ඇත්තටම ලැබිය යුතු ගෞරවයක්” බවයි.

ඒ අනුව මෙම නයිට් පදවියත් සමග ඔහු ශ්‍රීමත් ජේම්ස් ඇන්ඩර්සන් නැතහොත් සර් ජේම්ස් ඇන්ඩර්සන් ලෙසින් හැඳින්වෙනු ඇත.

42 හැවිරිදි ඇන්ඩර්සන් පසුගිය වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගිය අතර, ඒ වනවිට ඔහු කඩුලු 704ක් දවාගෙන සිටියේය. ඔහු අදටත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වේග පන්දු යවන්නා වේ.

දශක දෙකකට අධික කාලයක් පුරා එංගලන්තය නියෝජනය කළ ඇන්ඩර්සන් ටෙස්ට් තරග 188කට, එක්දින තරග 194කට සහ විස්සයි20 තරග 19කට ක්‍රීඩා කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් (සර්) ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, නවසීලන්තයේ රිචඩ් හැඩ්ලි, බටහිර ඉන්දීය කොදෙව්හි ක්ලයිව් ලොයිඩ් මෙම ගෞරවාන්විත නයිට් පදවිය ලැබූවන් අතරින් කිහිප දෙනෙකු වෙති.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි Financial District හි නොමිලේ කලා කෘති 300කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනයට
Next Article ශ්‍රී ලංකාවේ ලොකුම කිරිබත වැලිකඩ සිර ගෙදරින්
admin
  • Website

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.