Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ ලොකුම කිරිබත වැලිකඩ සිර ගෙදරින්
Sri Lankan news

ශ්‍රී ලංකාවේ ලොකුම කිරිබත වැලිකඩ සිර ගෙදරින්

adminBy adminApril 13, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකාවේ විශාලතම කිරිබත සකස් කිරීම වැලිකඩ බන්ධනාගාරයේදී අනිද්දා (14) සිදු කිරීමට නියමිතය.

මෙම 14 වැනිදා අලුයම වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 40කට අධික පිරිසකගේ දායකත්වයෙන් සකස් කෙරෙන මෙම කිරිබතට සහල් කිලෝ 400ක් පමණ යොදා ගැනේ. පොල් කිලෝ 200ක් මේ සදහා යොදා ගන්නා අතර එම පොල් ගෙඩි වැඩි ප්‍රතිශතයක් බන්ධනාගාරවල වගා බිම්වලින් නෙලා ගත් ඒවාය. කිරිබත සඳහා රසවත් ලුණු මිරිසක්ද රැඳවුවන් අතින් සකස් කිරීමට නියමිතය.

අද (12) දිනය වන විට වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ සිටින රැඳවුවන් සංඛ්‍යාව 3300කට ආසන්න වේ. මේ එක් රැඳවුවකුට හිමිවන කිරිබත් කැටයක ප්‍රමාණය ග්‍රෑම් 225කි. වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටින රැඳවුවන් සංඛ්‍යාව 366ක් වන අතර ඔවුන්ට සුදුසු පරිදි වෙනම අවුරුදු කිරිබතක් සකස් කෙරෙනු ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සකස් වන මෙම කිරිබත මෙන්ම දිවයිනේ සියලුම බන්ධනාගාරවල අවුරුදු කිරිබතක් සකස් කිරීම මෙම 14 වැනිදා සිදු වෙයි. ඒ් අනුව රට පුරා රැඳවුවන් 30,000කට ආසන්න ප්‍රමාණයකට අවුරුදු කිරිබතක් පිළියෙළ වන අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී .බී.දිසානායක මහතා පැවැසුවේ රැඳවුවන් 30,000ක් පමණ විශාල පිරිසක් එකම කාල පරාසයක් තුළදී අවුරුදු කිරිබතක රස බැලීමද විශේෂත්වයක් බවයි.

‘අවුරුදු කිරිබතක් පිළීයෙළ කිරීම වගේම රැඳවුවන් වෙනුවෙන් අවුරුදු චාරිත්‍ර බන්ධනාගාරතුළ ඉටු කිරීමද ඒ් ඒ් බන්ධනාගාරයන් තුළදී සිදු කෙරෙනවා.සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාරවල අවුරුදු උත්සව පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ උපදෙස් පරිදි බන්ධනාගාර අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ ,බන්ධනාගාර සුබසාධක අංශය සහ පුනරුත්ථාපන අංශය මේ කටයුතු සංවිධාන කර තිබෙනවා.’යැයිද දිසානායක මහතා අවධාරණය කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්
Next Article ට්‍රම්ප් චීනයේ නිෂ්පාදිත ස්මාර්ට් ෆෝන් ඇතුළු භාණ්ඩ සඳහා බදු ඉවත් කරයි
admin
  • Website

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.