Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»කාන්තාවන් හය දෙනෙකු එක්ව ඓතිහාසික අභ්‍යවකාශ චාරිකාවක
World news

කාන්තාවන් හය දෙනෙකු එක්ව ඓතිහාසික අභ්‍යවකාශ චාරිකාවක

adminBy adminApril 15, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඓතිහාසික අභ්‍යාවකාශ චාරිකාවක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේට් පෙරී ඇතුළු කාන්තාවන් 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව ඊයේ (14) යළි පෘථිවිය කරා පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමසෝන් හිමිකරු බිලියනපති ජෙෆ් බෙසෝස්ට අයත් අභ්‍යාවකාශ නිරීක්ෂණ සිදුකරන සමාගමක්වන Blue Origin ට අයත් රොකට්ටුවකින් අමෙරිකානු වේලාවෙන් ඊයේ (14) පෙ.ව. 8.30ට මෙම කණ්ඩායම අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ.

ඔවුන් පෘථිවි කර්මන් රේඛාව (karman line) අභිබවා ගොස් මෙලෙය යළි පැමිණ තිබේ.
කර්මන් රේඛාව යනු අභ්‍යවකාශයේ ආරම්භය ලෙස සැලකෙන අතර, එය පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර් 100 (සැතපුම් 62)කට වඩා ඉහළින් පිහිටා ඇත.

සාම්ප්‍රදායික ගුවන් යානාවලට ප්‍රචාලන පද්ධතියක් නොමැතිව මෙම ප්‍රදේශයට පියාසර කළ නොහැකි ස්ථානයකි.

මෙම අභ්‍යාවකාශ සංචාරයට පොප් ගායිකා කේටි පෙරීට අමතරව රොකට්ටුව හිමි බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස්, මාධ්‍යවේදිනියක්, රොකට් විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරියක් එක්ව තිබේ.

ඒ අනුව වසර 62කට පසු එනම් 1963 වසරේ දී රුසියාවේ (එවක සෝවියට් සමූහාණ්ඩුව) වැලන්ටිනා ටෙරෙෂ්කෝවාගේ ඓතිහාසික අභ්‍යාවකාශ මෙහෙයුමකින් පසු කාන්තාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්විය.

සිය ඓහිතාසික ගමන නිමා කරමින් පොප් ගායිකා පෙරී පවසා සිටියේ “පෘථිවිය හරිම නිහඬව පෙනුණා” යනුවෙනි.

අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය තවමත් ළදරු අවධියේ පවතින බැවින්, සෑම සාර්ථක දියත් කිරීමක්ම වැදගත් වන අතර මෙම කෙටි, වාණිජ ගුවන් ගමන් ආරක්ෂිතව සිදු කළ හැකි බව පෙන්නුම් කරන්නක් බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබුණි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅධිවේගයේ අවුරුදු ආදායම රුපියල් මිලියන 134 ක්
Next Article Zayed ජාතික කෞතුකාගාරයේ ඉදි කිරීම් නිම කිරීම මේ වසරේදී
admin
  • Website

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.