ශ්‍රී ලංකාවට පනවනු ලැබූ තීරු බදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත පිරිසක් අමෙරිකා එක්සත් ජනපදයට යාමට නියමිතය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මේ බව සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, අමාත්‍යවරයෙකු හෝ දෙදෙනකු ඇතුළු දූත පිරිස ලබන සතියේ අමෙරිකාවට යාමට නියමිත බව ය.
එම දූත පිරිස පිළිබඳව අවසන් තීරණය තවම ගෙන නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නා බවත් සභාපතිවරයා සඳහන් කළේ ය.