මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවරදී ඊයෙ (19) පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරග වැද ඇති බවයි. මෙහිදී සැතපුම් 13 ක දුරක් මැරතන් ධාවනය පවත්වා ඇති බව වාර්තා වේ.

මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදු කළ පරීක්ෂණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

Share.

Comments are closed.

Exit mobile version