ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆනි ට්‍රෙම්බ්ලේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

ඒ අනුව සාමාජිකයන් 193 දෙනකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2025 වසරේ සඳහා ගෙවිය යුතු සියලුම මුදල් ගෙවා අවසන් කළ 93 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වූ බව ද ඇය පැවැසුවාය.

සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සිය හිඟ සාමාජික ගාස්තු ගෙවා අවසන් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බව ද ඇය ප්‍රකාශ කළාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම හිඟ මුදලක් ගෙවීමට ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය වේ. ඩොලර් බිලියන 2.8 ක හිඟ මුදලක් ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතුව ඇතත් ඇමෙරිකාව එය තවමත් ගෙවා නොමැත. ඉන් ඩොලර් බිලියන 1.5 ක් ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු වේ.

Share.

Comments are closed.

Exit mobile version