Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මුදල් අමාත්‍යාංශ ලේකම්ට විශ්‍රාම ගැනීමෙන් පසු ජාත්‍යන්තරයේ ලොකු පුටුවක් සූදානම්
Sri Lankan news

මුදල් අමාත්‍යාංශ ලේකම්ට විශ්‍රාම ගැනීමෙන් පසු ජාත්‍යන්තරයේ ලොකු පුටුවක් සූදානම්

kumudikaBy kumudikaApril 21, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එම ධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුවේ තනතුරක සේවය සඳහා යෑමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතුළත් වී තිබෙන විස්තීරණ ණය පහසුකම් වැඩසටහන තුළ ඒ මහතා සිය කාර්යභාරය සිදු කළේය. මහින්ද සිරිවර්ධන මහතා මහ බැංකුවේ වසර 30කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.

එහි නියෝජ්‍ය අධිපති ධුරයට පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යන ප්‍රධාන තනතුරු දරා ඇත.
ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය යන කලාප සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස සිරිවර්ධන මහතා පසුගිය 2017 ජූලි සිට 2019 ඔක්තෝබර් දක්වා කාලය තුළ සේවය කර තිබේ.

එසේම 2010 ඔක්තෝබර් සිට 2015 අප්‍රේල් දක්වා මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස සේවය කර ඇත.

ලංකා බැංකුව, ලංකා වාණිජ බැංකුව පී.එල්.සී; ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරීය ඇතුළු ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල හා භාණ්ඩාගාර නියෝජිතයකු ලෙස ඔහු සේවය කර තිබේ.

එසේම ඇමරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍ර වේදී විශේෂ උපාධියක් ඒ මහතා ලබා ඇත.

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ 13ක මුදල ගෙවා අවසන් කරයි
Next Article ඩුබායි හි ස්වයංක්‍රීයව ධාවනය වන කුලී රථ 50ක් ඉදිරි මාස කිහිපය තුළ අත්හදා බැලීමට නියමිතයි
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.